ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සහ පන්දුවාර 20 ආකෘතිවල උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත්කිරීමට තීරණය වී තිබෙනවා.
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එම යෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව සඳහන්.
ටෙස්ට් නායකත්වය තවදුරටත් ධනංජය ද සිල්වා ට හිමිවනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා (පිරිමි) එක්දින සහ පන්දුවාර 20 යන කණ්ඩායම්වල නායකයා ලෙස පත්කළ යුතු ක්‍රීඩකයන් අතර ක්‍රීඩකයන් 05 දෙනෙකු පිළිබඳව සලකා බලමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
එම ක්‍රීඩකයන් අතර,
යන ක්‍රීඩකයන් සිටින බවටයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත්, ඔවුන් අතරින් මේ වනවිට කුසල් මෙන්ඩිස් ඉදිරියෙන් පසු වනවා.
ශ්‍රී ලංකා එක්දින කන්ඩායමේ උප නායකත්වය පැතුම් නිස්සංක, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට ලබා දීමට වැඩි ඉඩක් පවතින බවටද වාර්තා පළවනවා.
