Where the Life Meets Cricket

info@cricketlk.com

LPL ක්‍රීඩක සුදුසුකම් ලැබීමේ නවතම නිර්ණායක මාලාවක්

ලංකා ප්රිමියර් ලීග් (LPL) 6 වන තරඟ වාරය සඳහා ක්රීඩකයින් සුදුසුකම් ලැබීමේ නවතම නිර්ණායක මාලාවක් හඳුන්වා දී ඇත.

විශේෂත්වය වන්නේ ක්රීඩකයින්ගේ සමාජ මාධ්ය ජනප්රියත්වය කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කර තිබීමයි.

එම නව වර්ගීකරණයන් සහ නිර්ණායක පහත පරිදි වේ,

🔸 Icon (අයිකන්) කාණ්ඩය ,
* අවම වශයෙන් ජාත්යන්තර විස්සයි20 (T20I) තරඟ 75කට ක්රීඩා කර තිබිය යුතුය.
* විවිධ T20 ලීග් තරඟ 100කට වඩා ක්රීඩා කර තිබිය යුතුය.
* පසුගිය මාස 18 තුළ අවම වශයෙන් තරඟ 30කට සහභාගී වී තිබිය යුතුය.
* සමාජ මාධ්ය අනුගාමිකයින් (Followers) සංඛ්යාව 250,000 ඉක්මවිය යුතුය.

🔸 Star (ස්ටාර්) කාණ්ඩය:
* ජාත්යන්තර විස්සයි20 තරඟ 50ක් සහ විවිධ T20 ලීග් තරඟ 100කට වඩා ක්රීඩා කර තිබිය යුතුය.
* පසුගිය මාස 18 තුළ අවම තරඟ 30ක අත්දැකීම් තිබිය යුතුය.
* සමාජ මාධ්ය අනුගාමිකයින් 250,000කට වඩා සිටිය යුතුය.

🔸 Gold (ගෝල්ඩ්) කාණ්ඩය:
* ජාත්යන්තර විස්සයි20 තරඟ 30ක් සහ T20 ලීග් තරඟ 75කට වඩා ක්රීඩා කර තිබිය යුතුය.
* පසුගිය මාස 18 තුළ තරඟ 20කට ක්රීඩා කර තිබිය යුතුය.
* සමාජ මාධ්ය අනුගාමිකයින් 150,000 ඉක්මවිය යුතුය.

🔸 Classic (ක්ලැසික්) කාණ්ඩය:
* ජාත්යන්තර විස්සයි20 තරඟ 20ක් සහ T20 ලීග් තරඟ 50කට වඩා ක්රීඩා කර තිබිය යුතුය.
* පසුගිය මාස 18 තුළ තරඟ 20කට ක්රීඩා කර තිබීම සහ සැලකිය යුතු වාණිජ වටිනාකමක් සහිත රසික පදනමක් සිටීම අනිවාර්ය වේ.

🔸 විදෙස් ක්රීඩකයින් – සියලුම විදෙස් ක්රීඩකයින් තම ජාතික කණ්ඩායම නියෝජනය කර තිබිය යුතුය නැතහොත් පසුගිය මාස 12 තුළ ප්රමුඛ පෙළේ T20 ලීග් (ILT20, MLC වැනි) නියෝජනය කර තිබිය යුතුය.
🔸 දේශීය ක්රීඩකයින් – ක්රීඩාවෙන් සමුගත් (Retired) දේශීය ක්රීඩකයින්ට මෙවර තරඟාවලිය සඳහා ඉදිරිපත් විය නොහැක.

📌 ගෙවීම්
🔸 Icon සහ Star – ඇමරිකානු ඩොලර් 60,000 – 80,000
🔸 Platinum – ඇමරිකානු ඩොලර් 50,000
🔸 Gold – ඇමරිකානු ඩොලර් 30,000
🔸 Classic – ඇමරිකානු ඩොලර් 20,000

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

eshan malinga
Read More
ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More