Where the Life Meets Cricket

info@cricketlk.com

20-20 තරගාවලි ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගයෙන්ද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

ඒ අනුව තරග 3කින් යුතු තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

 

සිල්හෙට්හිදී අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 154ක්  රැස්කිරීමට සමත් විය.

 

එහිදී හර්ෂිතා සමරවික්‍රම (49) හා චමරි අතපත්තු (42) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ.

 

කෙසේ නමුත් ලකුණු 155ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි.

 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවාගත්තාය.

 

ඒ හැරෙන්න බංග්ලාදේශ ඉනිමේ සෙසු කඩුලු දුවද්දී දැවීයාම්වලට ලක්වීම සුවිශේෂීය.

 

මෙම තරගාවලියට පෙර දෙරට අතර එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *