ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29) සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය සඳහන්ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (29) භාරගෙන ඇත.
