ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ හයවන අදියර සඳහා වන ක්රීඩක කෙටුම්පත් කිරීම එළඹෙන මැයි මස 23 වනදා පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවට වන මාධ්ය වාර්තා පළවනවා.
ඒ සඳහා වන ක්රීඩක ලියාපදිංචි කිරීමේ කටයුතු මැයි මස පළමු සතිය තුළ ආරම්භ වනු ඇති.
මෙවර තරගාවලිය ජූලි 08 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
