ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට කොන්දේසි ගණනාවක් ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයන්ට ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන භාවිතය තහනම් වනු ඇති.
ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය භාවිතයට අදාළව නව රෙගුලාසි කිහිපයක්ද පණවා තිබෙනවා.
පුහුණුවීම් – තරග හෝ සංචාර අතරතුරදී ස්ටඩ් හෝ වෙනත් ආකාරයේ කරාබු පැළඳීමද ක්‍රීඩකයන්ට තහනම් කර තිබෙනවා.
ක්‍රීඩකයන් හෝ පුහුණු කාර්ය මණඩලයේ සාමාජිකයන් නිළධාරීන් හමුවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණීහෙම්දී කොට කලිසම් හෝ සෙරෙප්පු පැළඳ පැමිණීමට අවසර හිමිවන්නේ නැහැ.
රහස් තොරතුරු ලබාගැනීම හා තරග පාවාදීම් සඳහා පොළඹවා ගැනීම වළක්වාගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩකයන්ට හා පුහුණු කාර්ය මණඩල සාමාජිකයන්ට තරග හා සංචාර අතරතුරදී ලිංගික ක්‍රියාකාරකම් සඳහා වාරණයක්ද පණවා තිබෙනවා.
ඒ අනුව වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි සිය සහකාරිය සමග පමණක් සබඳතා පැවැත්වීමටයි නිර්දේශ නිකුත් කර තිබෙනවා.
