Where the Life Meets Cricket

info@cricketlk.com

ට්වීට් එකක් නිසා නසීම් ෂා ට පකිස්ථාන රුපියල් මිලියන 20 ක දඩයක්

පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා විසින් පන්ජාබ් මහ ඇමතිනී මරියම් නවාස්ව විවේචනය කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ බව කියන සටහනක් හේතුවෙන් ඔහුට පකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය පනවා තිබෙනවා.

 

ඔහුට පනවා ඇති දඩ මුදල පකිස්ථාන රුපියල් මිලියන 20කි (ඇමෙරිකානු ඩොලර් 72,000ක් පමණ).

 

මෙය ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තු වැටුපෙන් මාස අටක මුදලට සමාන අගයක් බව එහි සඳහන්.

 

මෙහිදී, මහ ඇමතිනිය විවේචනය කරමින් පළ වූ සටහන පළ වී කෙටි වේලාවකින් මකා දමා තිබූ අතර, පසුව ඔහු සඳහන් කළේ, තමන් එවැනි සටහනක් පළ නොකළ බවත්, තම සමාජ මාධ්‍ය ගිණුම කිසියම් අයෙකු විසින් හැක් කර ඇති බවයි.

 

ඔහුගේ පැහැදිලි කිරීම නොසලකා හරිමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) මෙම දැඩි විනය පියවර ගෙන ඇති අතර, ඔහුගේ සමාජ මාධ්‍ය උපදේශකවරයාට ද ක්‍රිකට් ආශ්‍රිත කටයුතුවල නිරත වීම තහනම් කර ඇති බවයි ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *