Where the Life Meets Cricket

info@cricketlk.com

මතීෂ පතිරණ අප්‍රේල් 06 දා KKR සංචිතයට ?

ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් අප්රේල් 06 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය සමඟ එක්වීමට නියමිත බවට මාධ්ය වාර්තා පළ වනවා.
 
මෙවර IPL ක්රීඩක වෙන්දේසියේ දී ඔහුව ඉන්දීය රුපියල් කෝටි 18 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිළදී ගනු ලැබුවා.
 
මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දී මතීෂ ආබාධයකට (Calf Injury) ලක්වූ අතර මේ වනවිට ඔහු ඉන් සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
කෙසේවෙතත්, මතීෂ පතිරණට මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීමට නිල අවසරය (NOC) අවශ්ය නම් ඔහුට අනිවාර්යයෙන් ශාරීරික යෝග්යතා පරීක්ෂණය සමත් වීමට සිදු වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *