මෙවර IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතය නියෝජනය කරන ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ වෙනුවට වෙනත් ක්රීඩකයෙකු ආදේශ කිරීමට එම කණ්ඩායම අපේක්ෂා නොකරන බවට මාධ්ය වාර්තා පළවනවා.
මතීෂ මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වුණා.
මෙවර IPL ක්රීඩක වෙන්දේසියේ දී මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිළදී ගත්තා.
කෙසේවෙතත්, ඔහු මෙවර IPL තරගාවලියට ක්රීඩා කරනු ඇති බවටයි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විශ්වාස කරන්නේ.