පකිස්ථාන පිතිකරු සල්මන් අලි අගා ට දඩුවම් ලකුණක් (Demerit Point) එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ ඊයේ (13) සිදුවූ මතභේදාත්මක දුවද්දි දැවී යාමේ සිදුවීමෙන් පසු ඔහු තම හිස් ආවරණය සහ අත් ආවරණ විසි කරමින් ආවේගයෙන් හැසිරීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.
එහිදී ICC ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතියේ 2.2 වන වගන්තිය කඩවී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
සල්මන් අලි අගාට මෙලෙස දඩුවම් ලකුණක් හිමිවූ පළමු අවස්ථාව ද මෙය වනවා.