Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය කොඩියට අවමන් කළැයි හාර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව චෝදනා

මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අවසන් වීමෙන් පසු ඉන්දීය ජාතික ධජයට අවමන් කළැයි තුන් ඉරියව් ක්‍රීඩක හාර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
 
අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ පූනේ හි නීතිඥයෙකු විසින් බවටයි වර්තා වන්නේ.
 
සිවාජි නගර් පොලිස් ස්ථානයේ නිළධාරියෙකු ඒ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා.
 
තරගය අවසන් වීමෙන් පසු හාර්දික් පාණ්ඩ්‍යා සහ ඔහුගේ පෙම්වතිය මහීකා ශර්මා ඉන්දීය ජාතික ධජයට අගෞරවයක් වන අන්දමින් හැසිරී ඇති බවටයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
කෙසේවෙතත්, හාර්දික පාණ්ඩ්‍යා මෙවර තරගාවලියේ දී ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ ප්‍රධාන ක්‍රීඩකයන් අතරට අයත් වනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *