එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 150 වන සංවත්සරික ටෙස්ට් තරග 2027 වසරේ මාර්තු මස 11 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
එය දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටයි මූලික අවධානයක් යොමුකර ඇත්තේ.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම සුවිශේෂී තරගයේ පළමු දින තුන සඳහා 90,000 කට වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කරනවා.