ඔස්ට්‍රේලියාවේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් පත්කර තිබෙනවා.
ඒ 2026 IPL තරග වාරයට අදාළවයි.
මැතිව් හේඩ්න් මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.
IPL තරගාවලි 03 ක් සඳහා ක්‍රීඩාකර ඇති ඔහු එම අවස්ථා 03 දීමේ නියෝජනය කර ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමයි.
සිය IPL ක්‍රිකට් දිවිය තුළ තරග 32 කට ක්‍රීඩා කර ඇති හේඩ්න් එහිදී ලකුණු 1107 ක් රැස්කර තිබෙනවා.
ඊට අර්ධ ශතක 08 ක් ද ඇතුළත්.
මැතිව් හේඩ්න් මීට පෙර 2021 සහ 2022 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී පකිස්ථාන කණ්ඩායමේ පිතිකරණ උපදේශක ධුරයේ ද කටයුතු කළා.
ඔහුගේ මෙම අත්දැකීම් පදනම් කරගෙන එළඹෙන IPL තරග වාරයට අදාළව ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමේ පිතිකරණ කුසලතා තවදුරටත් ඔප්නැංවෙනු ඇති.
සටහන -: Udara Jayawardhana