Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාව තුන්වන වරටත් පන්දුවාර 20 ලෝක ශූරයන් වෙයි

නවසීලන්ත කණ්ඩායම ලකුණු 96 කින් පරාජයට පත්කළ ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා.
 
අහමදාබාද් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 255 ක් රැස්කළා.
 
ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට පන්දුවාර 19 ක් තුළ සියලුදෙනා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159 ක් පමණයි.
 
අඛණ්ඩව දෙවන වරටත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 ශූරතාවය දිනාගනු ලැබුවා.
 
අවසන් තරගයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රාටත් තරගාවලියේ වීරයා සම්මානය සංජු සැම්සන් ටත් හිමිවුණා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *