Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාවෙන් නවසීලන්තයට වාර්තාගත ඉලක්කයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අද (8) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

 

තරගය අහ්මදාබාද්හිදී පැවැත්වෙන අතර, මෙහිදී ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

 

නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ආරම්භයක් ලබාගත් පිතිහරඹයක පිතිකරු යුගලය වූ සංජු සැම්සන් හා අභිෂේක් ශර්මා පළමු කඩුල්ලට පන්දුවාර 7.1කදී ලකුණු 98ක සබඳතාවක් පැවැත්වූහ.

 

අභිෂේක්ගේ දැවීයාමෙන් එම සබඳතාව අවසන් වුවත්, ඉන් ඉන්දීය ලකුණු පුවරුවට නම් කිසිදු බලපෑමක් නොවුණි.

 

දෙවන කඩුල්ලට එක්වූ ඉෂන් ක්‍රිෂාන් හා සැම්සන් පන්දු 48කින් ලකුණු 105ක සබඳතාවක් පැවැත්වූයේ, තරගයේ 16වන පන්දුවාරය ක්‍රියාත්මක වද්දීම ඉන්දීය ලකුණු පුවරුවත් ලකුණු 200 සීමාවෙන් එපිටට රැගෙන යමින්ය.

 

කෙසේ නමුත් එම පන්දුවාරයේදී සැම්සන් (15.1), ක්‍රිෂන් (15.5) හා නායක සූර්යකුමාර් (15.6) දැවීයාමත් සමග ඉන්දීය ඉනිමේ ප්‍රවේගකාරී පිතිහරඹයත් යම් පාලනයකට ලක්විය.

 

එහෙත් ශිවාම් ඩූබේ අවසන් පන්දුවාරයේ දියත්කළ ප්‍රහාරයත් සමග ඉන්දීය ඉනිම ලකුණු 255ක් දක්වා රැගෙන යාමට හැකිවිය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *