Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා - ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන මාර්තු මස එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

 

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය මාර්තු 13 වැනිදා සාර්ජාහිදී ආරම්භවීමට නියමිතය. 

 

දෙවන සහ තෙවන තරග 15 සහ 17 යන දිනයන්හි සර්ජාහිදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

 

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 20 වෙනිදා ඩුබාහිදී ආරම්භ වනු ඇත. 

 

දෙවන සහ තෙවන තරග එම මස 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී පැවැත්වෙයි. 

 

මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසිනි. 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *