Where the Life Meets Cricket

info@cricketlk.com

වනිඳු හසරංගට ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වේවිද?

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
 
ඒ පසුගියදා පැවති අයර්ලන්තයට එරෙහිව පැවති තරගය අතරතුරදී ඔහු පාදයේ ආබාධයකට ලක්වීමයි.
 
ඊයේ (09) දිනයේ දී ඔහු MRI Scan පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණා.
 
එහි ප්‍රතිඵල අනුව වනිඳුට මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමිවීමේ වැඩි අවදානමක් පවතින බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
 
ඔහු වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *