Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝක කුසලානයේදී කෝටි 347 ක ත්‍යාග මුදලක් බෙදී යන්නේ මෙහෙමයි

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පිරිනම ත්‍යාග මුදල් පිළිබද තොරුතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සහභාගී වන රටවල් 20 අතරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11 කට අධික (11,250,000) ප්‍රමාණයක් බෙදා දීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ. එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 347 ක පමණ අගයක්.

ශූරයින් සදහා ඇමෙරිකානු ඩොලර් 2,340,000 ක මුදලක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72 ක පමණ මුදලක් ලබා දීමට නියමිතයි. අනුශූරයින්ට හිමි වන මුදල ඩොලර් 1,170,000 ක් (රුපියල් කෝටි 36 ක්).

අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වන කණ්ඩායම් දෙක සදහා ඩොලර් 675,000 ක් (රුපියල් කෝටි 21ක් පමණ) බැගින් ලබා දීමට නියමිතව තිබෙනවා.

සුපිරි 8 වටයට සුදුසුකම් ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබන රටවල් 4 සදහා ඩොලර් 270,000 (රුපියල් කෝටි 8ක් පමණ) බැගින් හිමිවනවා.

9 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා ඩොලර් 135,000 (රුපියල් කෝටි 4 ක් පමණ) බැගින් ද, 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ඩොලර් 112,500 ක (රුපියල් කෝටි 3 ක් පමණ) මුදලක් ද පිරිනැමීමට නියමිතයි.

එක් තරගයක් ජයග්‍රහනය කරන විට එම කණ්ඩායමට හිමි වන ත්‍යාග මුදල ඩොලර් 31,154 ක්. එනම් රුපියල් ලක්ෂ 96 ක පමණ අගයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More