මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තය පරදවා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 19 කින් ලකුණු 44 ක් රැස්කළා.
ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143 ක් පමණයි.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය ලබන 12 වනදා ඕමානයට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.