
2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩිම ඉඩකඩක් ඇති කණ්ඩායම් හතර පිළිබඳව හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් ගිලෙස්පි අනාවැකි පළ කර තිබෙනවා.
ඔහුගේ පුරෝකථනයට අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය යන කණ්ඩායම් සුදුසුකම් ලබාගනු ඇති.
ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගිලෙස්පි පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂතා සහ කණ්ඩායම් සමබරතාවය ඉහළ මට්ටමක පවතින බවයි.
විශේෂයෙන්ම උප මහාද්වීපික තණතීරු තුළ ක්‍රීඩා කිරීමේ හුරුපුරුදුකම ශ්‍රී ලංකාවට අමතර වාසියක් වනු ඇති බවත්, ඒ අනුව තරගාවලියේ ඕනෑම ප්‍රබල කණ්ඩායමකට අභියෝග කිරීමට ඔවුන්ට හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.