Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දු - පාකිස්තාන සටන පැවැත්වෙන ලකුණු ?

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගය වර්ජය කිරීමට පාකිස්තානය ගත් තීරණය වෙනස්කිරීමේ සූදානමක පවතින බව වාර්තා වේ.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග පැවති තීරණාත්මක සාකච්ඡාවලින් පසුව, තරගාවලිය සැලසුම්කළ පරිදි පැවැත්වීමට ‘99%’ක්ම අවස්ථාවක් ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

 

මෙම තරගය ගැන පැනගැනී ඇති ගැටලුකාරී තත්ත්වය ගැන සාකච්චා කිරීම සඳහා ICC නියෝජිතයින් දෙදෙනෙකු අද (8) ලාහෝර් බලා පිටත්ව ගොස් තිබූ අතර, එහිදී පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී මෙම එඟතාවට පැමිණ ඇති බව සඳහන්.

 

‘A’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය එළැඹෙන පෙබරවාරි 15 ​​වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

 

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කිරීමට විරෝධය පළකිරීමක් ලෙස ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමට පාකිස්තානය කටයුතු කළේය.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *