ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වේග පන්දු උපදේශක ලෙස යළිත් ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්ව තිබෙනවා.
ඒ මෙවර ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 04 සඳහායි.
එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දීද ඔහු එම ධුරයේ කටයුතු කළා.
ඒ අනුව, ලසිත් මාලිංග පෙබරවාරි 05 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.