මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම වර්ජනය කිරීමට පකිස්ථාන රජය ඊයේ (01) තීරණය කළා.
ඒ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.
Cricbuzz වාර්තා කරන අන්දමට පකිස්ථානයේ මෙම තීරණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඩොලර් මිලියන 22 ක (ඉන්දීය රුපියල් කෝටි 200) ක පමණ මූල්‍ය පාඩුවක් සිදුවිය හැකියි.
තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස පැවැත්වෙන ඉන්දු – පකිස්ථාන තරගය ලබන 15 වෙනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සෑළසුම් කර තිබුණේ.
මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.