Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 තරගයෙන් කඩුලු 06 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම  සමත් වුණා.
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා.
 
ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 189 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නවක පිතිකරු පවන් රත්නායක පන්දු 22 කදී ලකුණු 40 ක් රැස්කළා.
 
තරගයේ දෙවනි ඉනිමේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් DLS ක්‍රමයට අනුව එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දුවාර 17 ක් තුළ ලකුණු 168 ක ඉලක්කයක් හිමි වුණා.
 
එම ඉලක්කය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16.4 ක් තුළ පසුකර ගියා.
 
ඒ අනුව, එක් තරගයක් ඉතිරිව තිබියදී  එංගලන්ත කණ්ඩායම තරග 2 – 0 ක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ජය හිමිකර ගත්තා.
 
දෙරට අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය ලබන 03 වනදා පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *