Where the Life Meets Cricket

info@cricketlk.com

උස්මන් තාරීක් ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන කැමරන් ග්‍රීන් නොසතුටින්?

ඊයේ (31) පකිස්ථානයට ජය ගෙන දෙමින් අවසන් වූ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක උස්මන් තාරික් ගේ පන්දු යැවීමේ ඉරියව්ව කෙරෙහි ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ප්‍රශ්න කර තිබෙනවා.
 
තරගයේ දෙවන ඉනිමේ 11 වන පන්දු වාරය තුළ උස්මන් තාරික් ගේ පන්දුවක් හමුවේ කැමරන් ග්‍රීන් දැවී ගිය අතර ඔහු ක්‍රීඩාගාරය වෙත යන මොහොතේ දී තම හස්තයෙන් පන්දු යවන ඉරියව්වක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
 
එමඟින් හැඟවෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වන බවට කැමරන් ග්‍රීන් විශ්වාස කරන බවටයි මාධ්‍ය වාර්තා පළ වූයේ.
 
මෙම සිදුවීම සම්බන්ධ වීඩියෝ පට සමාජ මාධ්‍ය හරහා මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.
 
එමෙන්ම, ඇතැම් ප්‍රේක්ෂකයන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ද ප්‍රශ්න කරමින් සිටිනවා.
 
කෙසේවෙතත්, උස්මන් තාරික් ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ තරගය අතරතුර දී ඔස්ට්‍රේලියා කණ්ඩායම හෝ පිටියේ විනිසුරුවරුන් ICC ය වෙත විධිමත් පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළේ නැහැ.
 
එමෙන්ම, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිළ වශයෙන් සමාලෝචනයක් ද සිදුකර නොමැති වීම ද විශේෂත්වයක්.
 
යම් හෙයකින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ICC යට විධිමත් පැමිණිල්ලක් ගොනුකළ හොත් ඒ පිළිබඳ අදාළ නිර්ණායක යටතේ පරීක්ෂණයක් සිදුවනු ඇති.

Share This Post

Post a comment

2 Responses

  1. Ape Muslim brothers lata eka eka part danna enna epa Aussies la. Series ekath peradila baila gahanawa. Meda paara world cup eka ape Pakistan dinanawa. Insha Allah !!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *