Where the Life Meets Cricket

info@cricketlk.com

පවන් - කුසල් ජනිත්, එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතයට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ ප්‍රකාශයට පත්කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

 

දෙරට අතර විස්සයි20 තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

එහි පළමු තරගය ජනවාරි 30වනදා පැවැත්වෙන අතර, සෙසු තරග පෙබරවාරි 1 හා 3 යන දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

 

ශ්‍රී ලංකා සංචිතය

 

1. දසුන් ශානක (නායක), 2. පැතුම් නිස්සංක, 3. කමිල් මිෂාර, 4. කුසල් මෙන්ඩිස්, 5. කුසල් ජනිත් පෙරේරා, 6. ධනංජය ද සිල්වා, 7. චරිත් අසලංක, 8. ජනිත් ලියනගේ, 9. පවන් රත්නායක, 10. වනිඳු හසරංග, 11. දුනිත් වෙල්ලාලගේ, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. ප්‍රමෝද් මධුෂාන්, 15. මතීෂ පතිරණ, 16. ඒෂාන් මාලිංග

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *