එංගලන්ත කණ්ඩායමට කඩුලු 05 ක ජයක් හිමිකර දෙමින් නිමාව දුටු දෙවන එක්දින තරගයේ තණතීරුව පිළිබඳව ජෝ රූට් සහ හැරී බෲක් අදහස් පළකර තිබුණා.
ඊයේ (24) අදහස් දැක්වූ ජෝ රූට් පවසා තිබුණේ මෙම තණතීරුව එක්දින තරග සඳහා සුදුසු නොවන බවයි.
“අවංකවම කියනවා නම්, එය එක්දින තරග සඳහා සුදුසු කඩුල්ලක් කියලා මම හිතන්නේ නැහැ..”
එමෙන්ම, නායක හැරී බෲක් ද මෙම තණතීරුව පිළිබඳ ආන්දෝලනාත්මක ප්රකාශයක් ඊයේ (24) සිදුකර තිබුණා.
“මේ තණතීරුව මම මෙතෙක් කාලයකට ක්රීඩා කරපු නරකම තණතීරුව වෙන්න පුළුවන්..”
තරගාවලියේ ජයග්රාහකයා තීරණය කෙරෙන දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.