මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරග සඳහා ක්‍රීඩා නොකරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පසුගියදා නිළ වශයෙන් දැනුම් දීමත් සමඟයි.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියේ තම කණ්ඩායම සහභාගී වන තරග ශ්‍රී ලංකාවේ දී පවත්වන ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කළා.
කෙසේවෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තීරණයට සිය එකඟතාවය පළකළේ නැහැ.
බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කර තිබෙනවා.