මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන නවසීලන්ත සංචිතය යාවත්කාලීන කර තිබෙනවා.
ඒ එම සංචිතයේ සිටි නවසීලන්ත වේග පන්දු යවන ක්රීඩක ඇඩම් මිල්නේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇත්තේ SA20 තරගාවලිය අතරතුරදීයි.
මිල්නේ වෙනුවට කයිල් ජැමිසන් නවසීලන්ත ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.
ඔහු මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා ද ක්රීඩා කරනවා.