සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු ජාත්‍යන්තර එක්දින තරගයෙන් ලකුණු 19 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 271 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93 ක් සහ ජනිත් ලියනගේ ලකුණු 46 ක් රැස්කළා.
අවසන් මොහොතේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 12 කින් ලකුණු 25 ක් ලබා ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49.2 ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 252 ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 03 ක් සහ දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 02 බැගින් බිඳ හෙලුවා.
තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වූයේ දුනිත් වෙල්ලාලගේ යි.