Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශය "B" කාණ්ඩයෙන් "C" කාණ්ඩයට සුහද මාරුවක් ඉල්ලයි

ICC පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් නොවීමට තමන් දැනට සිටින C කාණ්ඩයේ සිට B කාණ්ඩයට මාරු කරන්නැයි බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

 

අද (17) ඩකා හීදී ICC නියෝජිතයන් මුණගැසුණු අවස්ථවේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

 

මෙම හුවමාරුව වෙනුවෙන් දැනට B කාණ්ඩයේ සිටින අයර්ලන්තය C කාණ්ඩයට හුවමාරු කරන්නැයි ද බංග්ලාදේශය තවදුරටත් ඉල්ලා සිටිනවා.

 

දැනට B කාණ්ඩයේ ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව – සිම්බාබ්වේ – අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සිටිනවා.

 

බංග්ලාදේශය – බටහිර ඉන්දීය කොදෙව් – ඉතාලිය – එංගලන්තය සහ නේපාලය C කාණ්ඩයේ සිටින රටවල් වනවා.

 

කිසියම් අයුරකින් බංග්ලාදේශයේ මෙම ඉල්ලීමට සෑම පාර්ශවයක්ම එකඟ වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *