Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, සිය වෙබ් අඩවිය හරහා එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවය.

 

ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා නියම කර තිබේ.

 

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි විස්ස තරග සඳහා ටිකට් පතක් රුපියල් 1000 සිට රුපියල් 20,000 දක්වා වන මිලකට ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *