Where the Life Meets Cricket

info@cricketlk.com

බෙල්ජියමේ EUT20 ලීගයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ක්‍රීඩකයන් රැසක්

බෙල්ජියමේ පැවැත්වෙන EUT20 ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ලියාපදිංචි වී තිබෙනවා.
 
ඒ බව ඔවුන්ගේ නිල Facbook ගිණුමේ සඳහන් කර තිබීමද විශේෂත්වයක්.
 
ඒ අතර, වනිඳු හසරංග – ඇන්ජලෝ මැතිව්ස් – දුෂාන් හේමන්ත සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ද සිටිනවා.
 
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ Destino Legends Sports LLC සහ බෙල්ජියම් ක්‍රිකට් ආයතනය ඒකාබද්ධවයි.
 
ඊට Antwerp – Bruges – Leuven – Liego – Ghent සහ Brussels යන කණ්ඩායම් 06 ඇතුළත්.
 
EUT20 තරගාවලිය සඳහා ක්‍රීඩක ලියාපදිංචිය ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 26 වනදායි.
 
ලියාපදිංචිය ආරම්භ වී පැය 48 ක් ඇතුළත් ක්‍රීඩකයින් 200 කට වඩා වැඩි පිරිසක් ඊට ලියාපදිංචි වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වනවා.
 
ක්‍රීඩක කෙටුම්පත් කිරීම ප්‍රධාන කාණ්ඩ 07 ක් යටතේ සිදුකෙරෙනු ඇති.
 
තරගාවලිය ලබන මැයි 30 වනදා සිට ජූනි 07 වන්දා දක්වා පැවැත්වීමට නියමිතයි.
 
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *