Where the Life Meets Cricket

info@cricketlk.com

BANGLADESH

ඉන්දියාවට යන්නේ නෑ - බංග්ලාදේශය දැඩි ස්ථාවරයක

2026 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරගවලට සහභාගී නොවීමේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි බංග්ලාදේශය අවධාරණය කරනවා.
 
ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අද (13) දිනයේදී ඒ බව නැවත වරක් නිළ වශයෙන් දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් හා ICC නියෝජිතයන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.
 
ආරක්ෂක වාතාවරණය යහපත් යැයි කවරෙකු පැවසුවද එය පිළිගැනීමට සූදානම් නැතැයි බංග්ලාදේශ නියෝජිතයන් එහිදී දැඩි ස්ථාවරයක පසුවී තිබෙනවා.
 
ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇත්තේ තරගාවලියේ සමස්ත කාලසටහන මේ වනවිටත් සකස් කර අවසන් බැවින් ඊට සංශෝධන සිදු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
 
පන්දුවාර 20 ලෝක කුසලානය ලබන පෙබරවාරි 07 වනදා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.
 
 
 
 

Share This Post

BANGLADESH

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *