Where the Life Meets Cricket

info@cricketlk.com

ලොවක් ජයගැනීමට සැරසෙන ඉතාලියේ ලාංකික ක්‍රිකට් තරුව ආකාෂ්

පියාගේ අඩිපාරේ යන පුතණුවන් සහ දියණියන් පිළිබඳ තොරතුරු ක්‍රිකට් ලොවේ නිතරම පාහේ අපට දකින්න ලැබෙනවා. ලෝකයේ සෙසු රටවල පමණක් නොව ශ්‍රී ලංකාවේ ද එවැනි උදාහරණ රාශියක් ගෙනහැර දැක්විය හැකියි. පියාගේ ආභාෂය ලබමින් ඔහුව ද පසුකර ඉදිරියට යාමට වෙරදරන යොවුන් ක්‍රිකට් තරුවක් පිළිබඳව අපට තොරතුරු හමුවුණා. ඔහු නමින් වර්ණකුලසූරිය පැහැසර ආකාෂ් රොද්‍රිගෝ.
 
කවුද මේ ආකාෂ් ?
 
ඉතාලියේ පාදුවා නගරයේ උපත ලැබූ ඔහුට මේ වනවිට වයස අවුරුදු 16 ක්. ආකාෂ්ගේ පියා ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩාකළ මනෝජ් රොද්‍රගෝ යි.
මනෝජ් යනු ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේදී චමිල ගමගේ සහ රෂාන් පීරිස් යන ප්‍රවීණ ක්‍රීඩකයන් යටතේ ක්‍රීඩකළ ක්‍රීඩකයෙකු ද වනවා. පසුව ඉතාලිය වෙත සංක්‍රමණය වන මනෝජ් එහිදීද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙසටයි සැළකෙන්නේ. 
 
කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කළ ආකාෂ්
 
ආකාෂ් රොද්‍රිගෝ වයස අවුරුදු 08 සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ දක්ෂ ක්‍රීඩකයෙක්. රෝයල් පාදුවා ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ 13 න් පහළ – 15 න් පහළ – 17 න් පහළ සහ 19 න් පහළ මෙන්ම පළමු පෙළ කණ්ඩායම් ද ඔහු නියෝජනය කරනු ලැබුවා. රෝයල් පාදුවා කණ්ඩායමේ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස ආකාෂ් රොද්‍රිගෝ කටයුතු කළ සෑම තරගයක්ම පාහේ ජයගැනීමට හැකිවීම ද විශේෂත්වයක්. එමෙන්ම රෝයල් පාදුවා ක්‍රීඩා සමාජයේ 13 න් පහළ – 15 න් පහළ – 17 න් පහළ සහ 19 න් පහළ යන සෑම වයස් කාණ්ඩයකම දක්ෂතම පන්දු යවන්නා ලෙසද ඔහු ඇගයුමට ලක්වුණා. අවශ්‍ය අවස්ථාවලදී පිතිකරුවෙකු ලෙස තරග ජයග්‍රහණයට දායක වීමද ආකාෂ්ගේ තවත් සුවිශේෂී දක්ෂතාවයක්.
 
ක්‍රිකට් උපන් දේශයේදී සුවිශේෂී දස්කම් දැක්වූ ආකාෂ්
 
එංගලන්තයේ කෙන්සින්ටන් සහ චෙල්සි ක්‍රීඩා සමාජයේ තුන්වන පෙළ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරගයකට ක්‍රීඩා කරන්නේ වයස අවුරුදු 14 දීයි. එම තරගයේ පළමු පන්දුවාරය යොමුකළ ආකාෂ් පළමු පන්දුවේදීම කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා. එම වසරේදීම බ්‍රිතාන්‍යයේදී පැවති සිව්කොන් ආදි සිසු ක්‍රිකට් තරගාවලිකට ද ඔහු සහභාගී වුණා. කඳාන ඩී. මැසිනඩ් – වෙන්නපුව ජෝෂප් වාස් – ශාන්ත මේරි සහ මාරිස්ටෙලා යන විදුහල්වල ආදි සිසුන් ඊට සහභාගී වූවා. එහිදී වෙන්නප්පුව ජෝෂප් වාස් පාසල එම තරගාවලිය ජයගත් අතර ඊට ආකාෂ්ගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුයි. 
 
ආකාෂ් වැඩිම කඩුලු ලාභීන් අතරට 
 
වයස අවුරුදු 16 දී බ්‍රිතාන්‍යයේ වේල්ස් හි Radyr ක්‍රීඩා සමාජයේ තුන්වන පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කරන ආකාෂ් එම සෑම තරගයකදීම කඩුලු බිඳහෙළීමට සමත් වුණා. සමස්ත තරගාවලියේම වැඩිම කඩුලු ලාභීන් අතරට එක්වීමට එහිදී මෙම යොවුන් ක්‍රීඩකයාට වරම් හිමි වනවා. මෙම වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් හි Radyr ක්‍රීඩා සමාජයේ පළමු පෙළ සහ දෙවන පෙළ තරග සඳහා ක්‍රීඩා කිරීමට ද ආකාෂ්ට ආරාධනා ලැබී තිබෙනවා. 
 
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ඉතාලි ජාතික කණ්ඩායම සමඟ පුහුණු සැසියකටද එක්වූ ආකාෂ්
 
පසුගිය වසරේදී ආකාෂ් විසින් කඩුලු 05 බැගින් දවාගත් අවස්ථා 04 ක් සනිටුහන් කර තිබුණා.ඉතාලි වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් පැවති පන්දුවාර 20 තරගයකදී ඔහු විසින් කඩුලු 05 ක් දවාගැනීම ද ඊට අයත්. පන්දුවාර 50 තරගයකදී පන්දුවාර 4 පන්දු 4 ක් යවා කඩුලු 05 ක් බිඳ හෙළීම ද / පුහුණු තරගයකදී පන්දුවාර 04 ක් පමණක් යවා කඩුලු 04 ක් දවා ගැනීම ද ආකාෂ් ගේ නම ඉදිරියේ සටහන් වනවා. මීට අමතරව ඔහු පසුගිය වසරේදී ලෝක වාර්තාවක් සමකරනු ලැබුවේ 19 න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගයකදී පාදුවා CC කණ්ඩායමට එරෙහිව කඩුලු 07 ක් බිඳ හෙළමිනුයි. එමෙන්ම, පසුගිය මාසයේදී ඩුබායි හීදී පැවති මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉතාලි ජාතික කණ්ඩායම සමඟ Net (දැල්) පන්දු යවන්නෙකු ලෙස පුහුණු සැසියකට ද ආකාෂ් සහභාගී වූයේ සිය ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමිනුයි.
 
ඉදිරි අරමුණු සහ බලාපොරොත්තු 
 
ඔහුගේ මීළඟ ප්‍රධානතම අරමුණු වන්නේ වයස අවුරුදු 17 න් පහළ හෝ 19 න් පහළ ග්ලැමෝර්ගන් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම සහ ඉතාලි 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමයි. සිය ක්‍රිකට් දිවිය සාර්ථකර කරගනිමින් අනාගතයේදී ලොවම බබලවන ක්‍රිකට් තරුවක් බවට පත් වීමට ආකාෂ් ට අවස්ථාව ලැබේවායි CricketLK අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු..!!!
 
Story – Udara Jayawardhana 
 
 
 

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More