
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේදී කිසිදු තර්ජනයක් නොමැති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිගමනය කර තිබෙනවා.
සිය ආරක්ෂක තත්ව ඇගයීමකදී මෙම තොරතුරු හෙළිකරගත් බවයි ICC ය විසින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ.
ආරක්ෂක හේතු දක්වමින් පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉන්දියාවේ පැවැත්වෙන තරග වර්ජනය කිරීමට බංග්ලාදේශය තීරණය කරනු ලැබුවා.
ඒ අනුව, එම තරග ඉන්දියාවෙන් බැහැරදී ක්‍රීඩා කිරීමටයි ඔවුන් එකඟතාව පළකරනු ලැබුවේ.
මේ පිළිබඳ බංග්ලාදේශය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිල ඉල්ලීමක් සිදුකළ අතර ඒ අනුවයි ICC ය එම ආරක්ෂක තත්ව වාර්තාව ලබාගෙන තිබුණේ.
