Where the Life Meets Cricket

info@cricketlk.com

කලකට පසු පකිස්ථානය පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

සංචාරක පකිස්ථාන කණ්ඩායමට එරෙහි තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වුණා.
 
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
 
ඒ අනුව, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා වුණා.
 
කාසියේ වාසිය ජයගත් පකිස්ථානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 160 ක් රැස්කළා.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දු 09 කදී ලකුණු 34 ක් රැස්කළා.
 
එමෙන්ම කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් සහ ජනිත් ලියනගේ 22 ක් රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථානයට කඩුලු 08 ක් දැවී රැස්ගකරගත හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.
 
ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 35 කට කඩුලු 04 ක් ද මතීෂ පතිරණ ලකුණු 34 කට කඩුලු 02 ක් ද බිඳ හෙලුවා.
 
ඒ අනුව, දෙරට අතර පැවති තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අවසන් වූයේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමිනි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *