Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවන තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට සතුටුදායක පුවතක්

ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන විස්සයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත් (Tickets)  මිළදී ගත් ප්‍රේක්ෂකයන්ට තුන්වන විස්සයි විස්ස තරගය නොමිලයේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා.
 
ඒ අනුව, දෙවන විස්සයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගත් ප්‍රේක්ෂකයන්ට අද (10) හෝ තරගය පැවැත්වෙන ඉරිදා (11) දින උදෑසන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ස්ථාපිත කර ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරයෙන් නොමිලයේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.
 
ප්‍රවේශපත්‍ර කවුන්ටරය පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතිනවා.
 
ඊයේ (09) පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන විස්සයි විස්ස තරගය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.
 
දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (11) රාත්‍රී 7.00 ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *