Where the Life Meets Cricket

info@cricketlk.com

උස්මන් කවාජා ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ තැබූ වාර්තා

ඔස්ට්‍රේලියා පිතිකරු උස්මන් කවාජා ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අද (08) නිමාවට පත්වුණා.
 
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට 39 හැවිරිදි වියේ පසුවුණා.
 
උස්මන් කවාජා අවසන් වරට ක්‍රීඩකළ ටෙස්ට් ඉනිම් දෙක ලකුණු 17 කට සහ ලකුණු 06 කට සීමා වුණා.
 
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තරග ආකෘති තුන සඳහාම ක්‍රීඩාකර ඇති කවාජා විශිෂ්ට දස්කම් දැක්වූයේ ටෙස්ට් තරග ආකෘතිය තුළදීයි.
 
ඒ හේතුවෙන් ඔහුට ටෙස්ට් තරග රටාව තුළ වැඩි අවස්ථා හිමිවුණා.
 
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 88 කට ක්‍රීඩාකර ඇති උස්මාන් කවාජා ඉනිම් 159 කදී ලකුණු 6,229 ක් රැස්කළා.
 
ටෙස්ට් පිටිය තුළ කවාජාගේ පිතිකරණ සාමාන්‍යය සටහන් වන්නේ 42.95 ක් ලෙසයි.
 
ඊට ශතක 16 ක් සහ අර්ධ ශතක 28 ක් ඇතුළත්.
 
ඔහු ටෙස්ට් ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 232 ක්.
 
කවාජා එම ලකුණු සංඛ්‍යාව රැස්කළේ 2025 වසරේ පැවති ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව පැවති පළමු ටෙස්ට් තරගයේදීයි.
 
කවාජා සැළකෙන්නේ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස්කළ පිතිකරුවෙක් ලෙස වන අතර ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ 2022 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව වීමද විශේෂත්වයි.
 
එමෙන්ම ඔහු ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ශතකයක් සහ ලකුණු 90+ රැස්කළ පිතිකරුවෙකු ද වනවා.
 
කවාජා මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ 2022 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පකිස්තාන තරග සංචාරයේදීයි.
 
දින පහක් පුරාවට පැවති ටෙස්ට් තරගයකදී සමස්ත දින පහේදීම පිතිකරණයේ යෙදුණු පිතිකරුවන්ගේ විරළ ලැයිස්තුවට ද ඔහුගේ නම ඇතුළත්ව තිබෙනවා.
 
කවාජා මෙම විරළ දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ 2023 වසරේදී බර්මිංහැම් හීදී පැවති ටෙස්ට් තරගයකදීයි.
 
ඊට අමතරව ටෙස්ට් පිටිය තුළ ලකුණු 5,000 ක් සහ දවාගැනීම් 50 කට දායක වූ ක්‍රීඩයන් අතරට ද ඔහුගේ නම ඇතුළත්.
 
තමන් ටෙස්ට් ක්‍රිකට් පිටියට අත්පොත් තැබූ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම තම ටෙස්ට් දිවිය නිමාවට පත්කළ උස්මන් කවාජා ඔබට සුබ විශ්‍රාම දිවියක්..!!!
 
Story -: Udara Jayawardhana 
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending Articles

ranatunga
Read More
Sanath-Jayasuriya-appointed-Head-Coach-1080x675
Read More
647538134_2156301918503146_5003940479759199144_n
Read More