Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශය T20 ලෝක කුසලානය වර්ජනය කරයි ?

විස්සයි විස්ස ලෝක කුසලානයේ තමන් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග වෙනත් රටකට මාරු නොකරන්නේ නම් ඇතැම් විට සමස්ත තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය හැකි බවට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල අධ්‍යක්ෂ අසීෆ් අක්බාර් අනතුරු අඟවනවා.

 

බංග්ලාදේශයේ පුවත්පතක් වන Daily Observer වාර්තා කරන්නේ තම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ බවට ඔහු විසින් සඳහන් කර ඇති බවයි.

 

ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

සිය ස්ථාවරය පැහැදිලි බවත් පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට කිසිදු අදහසක් නැති බවත් අසීෆ් අක්බාර් තවදුරටත් පවසා තිබෙනවා.

 

“අපේ තරග ඉන්දියාවෙන් ඉවත් නොකළොත් සමහර විට අපි මුළු ලෝක කුසලානයම වර්ජනය කරාවි.. අපේ ස්ථාවරය හරි පැහැදිලියි.. ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන්න අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ..”

 

මේ අතර බංග්ලාදේශයේ ඉල්ලීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ප්‍රතිචාරය ලැබුණු වහා තරගාවලියෙන් ඉවත් වීමේ බංග්ලාදේශ තීරණය ප්‍රසිද්ධියට පත්කරන බවයි අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ.

 

© Bangladesh Daily Observer

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *