Where the Life Meets Cricket

info@cricketlk.com

බංග්ලාදේශය ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කරයි

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග ක්‍රීඩාකිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කර ඇත.

 

දෙරට අතර දේශපාලනික වශයෙන් උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය තුළ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ “ආරක්ෂාව සහ යහපැවැත්ම” සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

 

ඒ අනුව එම තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී ක්‍රීඩාකිරීමට නියමිත තරග ශ්‍රී ලංකාවේදී පවත්වන්නැයි ඔවුන් ඉල්ලීමක් කරඇති බවද වාර්තා වේ.

 

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම සත්කාරක්වය යටතේ ලබන මාසයේ ආරම්භවන එම තරගාවලියේ දී බංග්ලාදේශය කොල්කටාහිදී 3ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

 

ඉදිරියේ දී පැවැත්වෙන IPL තරගාවලියේ දී කොල්කටා වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම එම කණ්ඩායමෙන් නිදහස්කිරීමට දෙරට අතර මෙම නොසන්සුන්තාවට ප්‍රධාන වශයෙන් බලපා ඇතිබව සඳහන්.

 

බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන්ට සිදුවන හිරිහැරවලට විරෝධය දැක්වීමක් ලෙස මුස්තාෆිසුර් එලෙස ඉවත්කර ඇති බව වාර්තා වේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *