සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය පන්දුවාර 45 කට සීමා වුණා.
ඒ වර්ෂාවෙන් සහ ආලෝක තත්වයෙන් ඊට බාධා එල්ල වීමත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
දිනය නිමාකරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 211 ක් රැස්කරගෙන සිටියා.
එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් සහ හැරී බෲක් පිළිවෙලින් නොදැවී ලකුණු 72 ක් සහ ලකුණු 78 ක් රැස්කිරීමට සමත් වුණා.
