එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය තම ධුර කාලය අවසන් අදියර විය හැකි බවට ශ්රී ලංකා ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය මත පළකර තිබෙනවා.
ඒ Sunday Times පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි.
තමන් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය කෙරෙහි මූලික අවධානය යොමුකර ඇති බවත් තම කොන්ත්රාත් කාලසීමාව තරගාවලියෙන් පසු ඉදිරියට පැවතුණද තමා දීර්ඝ කාලයක් ප්රධාන පුහුණුකාර ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා නොකරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
2024 වසරේ ජූලි මාසයේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කරනු ලැබුවා.
ඉන් අනතුරුව දශකයකට වඩා වැඩි කාලසීමවකට පසු ඉන්දියාවට එරෙහිව ද්වීපාර්ශවික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
සනත් ජයසූරියගේ ප්රධාන පුහුණුකාරීත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම ආකෘති තුනේම තරග 60 ක් ක්රීඩාකර තිබෙනවා.
ඉන් තරග 29 ක් ජයගෙන ඇති අතර තරග 29 ක් පරාජයට පත්ව තිබෙනවා.
ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත්තේ තරග 02 ක් පමණයි.
One Response
Ane manda dan nm meva ahalama epa wela tyenne