ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යළිත් වරක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ දෙරට අතර මේ වනවිට උද්ගතව පවතින දේශපාලන මතවාද සම්බන්ධ ගැටළුකාරී තත්වයයි.
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වීමට නියමිත ආසියානු ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවට සහභාගී වීමෙන් වැළකී සිටීමට ද ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර, තවත් සති කිහිපයකින් ආරම්භ වන පන්දුවාර 20 ලෝක කුසලානයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශය සහභාගී වන තරග කාලසටහන සංශෝධනය වීමට ද වැඩි ඉඩක් පවතින බවයි ක්රිකට් වාර්තා පවසන්නේ.
