බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රහ්මාන් 2026 IPL තරග වාරය සඳහා වන කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) සංචිතයෙන් නිදහස් කරන ලෙසට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ දෙරට අතර පවතින දේශපාලන මතවාද හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ANI උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වූයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සඳහන් කර ඇත්තේ මුස්ටෆිසූර් රහ්මාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආදේශ කිරීමට අවකාශය සලසා දෙන බවයි.
2026 IPL ක්‍රීඩක වෙන්දේසියේදී මුස්ටෆිසූර් රහ්මාන් ඉන්දීය රුපියල් කෝටි 9.2 කට කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිළදී ගත්තා.
එය සැළකෙන්නේ IPL තරගාවලි ඉතිහාසය තුළ බංග්ලාදේශ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම මුදල ලෙසටයි.
