ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන අමෙරිකා එක්සත් ජනපද සංචිතයට ඇතුළත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
ඔහු මෙවර MLC තරගාවලියට ද ඇතුළත් ව සිටියේ නැහැ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 ක් සහ විස්සයි විස්ස තරග 18 කට ක්‍රීඩා කර ඇති ශෙහාන් එහිදී එක්දින ලකුණු 196 ක් සහ විස්සයි විස්ස ලකුණු 241 ක් රැස්කර තිබුණා.
කෙසේවෙතත්, තවමත් අමෙරිකා එක්සත් ජනපද සංචිතය නිල වශයෙන් නම්කර නැහැ.
එම සංචිතයේ නායකත්වය Monak Patel ට හිමිව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

One Response
Lankawe hitiya nam ihalatama yanna tibba kollek. Paw. Genunge katha walata rewatila future ekama destroy karagatta