Where the Life Meets Cricket

info@cricketlk.com

විස්සයි20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියා තාවකාලික සංචිතය

2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් තාවකාලික සංචිතය නම් කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව අද පියවර ගත්තා.

 

සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි මිචෙල් මාෂ් වෙත හිමිව තිබෙනවා.

 

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට පෙර පකිස්ථානය සමඟින් විස්සයි20 තරඟාවලියකට ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, එය ඔවුන්ගේ පුහුණුවීම් සඳහා හොඳ අවස්ථාවක් වනු ඇති බවයි තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි ප්‍රකාශ කළේ.

 

මේ අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පවතින දඟපන්දු හිතකාමී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මැතිව් කුනෙමන් සහ නවක ක්‍රීඩක කූපර් කොනොලි ද සංචිතයට කැඳවීමට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

 

පසුගිය කාලසීමාවේ ආබාධවලට ලක්ව සිටි සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් මෙන්ම ප්‍රබල පිතිකරු ටිම් ඩේවිඩ් ද සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

 

Australia squad: Mitchell Marsh (c), Xavier Bartlett, Cooper Connolly, Pat Cummins, Tim David, Cameron Green, Nathan Ellis, Josh Hazlewood, Travis Head, Josh Inglis, Matthew Kuhnemann, Glenn Maxwell, Matthew Short, Marcus Stoinis, Adam Zampa

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *