Where the Life Meets Cricket

info@cricketlk.com

කෝමා තත්වයෙන් පීඩා විඳින ඔස්ට්‍රේලියා ක්‍රිකට් විශිෂ්ටයා

ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාටීන් මේ වනවිට කෝමා තත්වයේ පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වනවා.
 
ඒ මෙනින්ජයිට්ස් රෝගී තත්වය හේතුවෙන් බවටයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
 
54 හැවිරිදි වියේ පසුවන ඩේමියන් මාටින් බොක්සිං දිනයේදී තම නිවසේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණා.
 
Sydney Morning Herald පුවත්පත වාර්තා කළේ ඉන් අනතුරුව ඔහු මෙම රෝගයට ගොදුරු වී ඇති බවට හදුනාගෙන තිබෙන බවයි.
 
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67 කටත් එක්දින තරග 208 කටත් විස්සයි විස්ස තරග 04 කටත් ඔහු ක්‍රීඩා කර තිබෙනවා.
 
එහිදී මාටීන් පිළිවලින් ලකුණු 4,406 ක් 5,346 ක් සහ 120 ක් රැස්කර තිබීම ද විශේෂත්වයක්.
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *