ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු වන අක්ශු ප්‍රනාන්දු අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට ඔහු 34 හැවිරිදි වියේ පසුවූවා.
2018 වසරේ දෙසැම්බර් දෙසැම්බර් 28 වනදා ගල්කිස්ස මුහුදු වෙරළ අසර දුම්රිය හරස් මාර්ගයේදී හදිසි අනතුරකට ලක්වුණා.
එම අනතුරෙන් පසුව රෝගාතුරව සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ.
අක්ශු ප්‍රනාන්දු 2010 වසරේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපීපෙනෙන සාමජිකයෙකු ලෙස කටයුතු කළා.
එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 52 ක් රැස්කළා.
කෝල්ට්ස් – පානදුර – හලාවත මේරියන්ස් – රාගම යන ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කර ඇති අක්ශු මෙම අනතුරට ලක්වීමට සති දෙකකට පෙර පැවති ක්‍රීඩා සමාජ තරගයේදී ශතකයක් ද රැස්කළා.
