Where the Life Meets Cricket

info@cricketlk.com

බොක්සිං දින ටෙස්ට් තරගයේ තණතීරුවට ICC යෙන් අසාදු ලකුණක්

මෙවර අළුබඳුන ටෙස්ට් තරගාවලියේ හතරවන ටෙස්ට් තරගයේ තණතීරුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
 
එය මෙවර පැවැත්වූයේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
 
මෙම තත්වය මත පදනම්ව එම තණතීරුවට අසාදු ලකුණක් එක් කිරීමටයි තරක තීරකවරයා විසින් පියවර ගනු ලැබුවේ.
 
මෙල්බන් තණතීරුවේ හැසිරීම මත පදනම්ව සුප්‍රකට බොක්සිං දින ටෙස්ට් තරගය දින දෙකකට සීමා වුණා.
 
වසර 02 ක් ඇතුළත මෙල්බන් තණතීරුවට තවත් අසාදු ලකුණක් එක් වුවහොත් එම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයකට මාරු කිරීමට සිදුවනු ඇති.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *